
| කොරෝනා (කොවිඩ්-19) වසංගත තත්ත්වය යාවත්කාලීන කිරීම - අදියර 01 |
01. කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව අත්පත්‍රිකා බෙදා දී ජනතාව දැනුවත් කිරීම 2020.03.13 දින ආරම්භ කරන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැල්ලවාය පොලීසිය, ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සහ ශත සංවත්සර සිංහ සමාජයේ සාමාජිකයින් සහභාගිවිණි.





02. කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව නගරයේ වෙළඳසැල් සතු දර්ශන තිර හරහා කොරෝනා වෛරසය පිළිබඳ සහ එයින් ආරක්ෂාවීමට උපදෙස් සහිත වීඩියෝ දර්ශන මහජනතාව වෙත නැරඹීමට 2020.03.19 දින සිට අවස්ථාව සලසා දෙන ලදී.


03. මහජනතාවට ඇතිවන ගැටළු සඳහා විසඳුම් ලබා දීමට අප කාර්යාලය මඟින් ඊ-සේවාවක් ආරම්භ කරන ලදී.

* Google Form Link
* Telephone
055 2274839 / 055 2274938
* e-mail
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
* Facebook/Messenger
www.facebook.com/dswellawaya
* WhatsApp / Viber / imo
071 1119126
04. 2020.03.17 දින සිට කාර්යාලය වෙත පැමිණෙන සියළු දෙනා හොඳින් දෑත් සෝදා පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දීම.




05. ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව 2020.03.17 දින රැස්ව ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලදි.


06. අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය බඩු මලු ලබා දීම.








07. වැඩිහිටි ආධාර සහ සමෘද්ධි ආධාර ග්‍රාම නිලධාරීන් සහ බලලත් නිලධාරීන් මඟින් ග්‍රම නිලධාරී වසම් මට්ටමින් බෙදා දීම




08. අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් වලට ජංගම වෙළඳ රථ යොදවා අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ලබාදීම. මෙය ලංකා සතොස ආයතනය, ප්‍රාදේශීය සභාව - වැල්ලවාය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව එක්ව සංවිධානය කෙරිණි. ඒ සඳහා පූර්ව ප්‍රචාරක රථ මඟින් සහ අපගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය ලබාදුණි.




09. කොරෝනා වසංගත සමයේ ජනතාව වෙත සහන සැලසීම සඳහා කාර්යාලයේ නිලධාරීන් තොරා පත් කර ඒ සඳහා විෂයයන් වෙන් කර පැය 24 පුරා කාර්යාලයේ සේවා සැලසීම.




10. අනෙකුත් නිලධාරීන් ඒ ඒ ග්‍රාම නිලධාරී වසම් වලට සහන සේවා සැපයීම සඳහා අනියුක්ත කිරීම. (ඒ සඳහා දැනුවත් කිරීමේ රැස්වීම)


11. අත්‍යවශ්‍ය මහජන අවශ්‍යතා පවත්වාගෙන යාම, භාණ්ඩ හා ඖෂධ ප්‍රවාහනයේ දී ඇතිවන ගැටළු හා අර්බුධකාරී තත්ත්වයන් විසඳා ගැනීම සහ ඇඳිරි නීතී තත්ත්වයන් තුළ සියලු රාජ්‍ය ආයතන සහ පොලීසිය සම්බන්ධීකරණය කිරීම සඳහා කාර්ය සාධන කමිටු ස්ථාපිත කිරීම 2020-04-04 දින සිදු කෙරිණි.




කොරෝනා වෛරසයට එරෙහි සටනේ අපේ දායකත්වයෙන් කෙටි සටහනක්...
අප සේවාව අඛණ්ඩව තව තවත් ඉදිරියට.













