වැල්ලවාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ඔක්තෝබර් මස 04 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.













